අප ගැන

කිතුණු ශුද්ධ ග්‍රන්ථය අපට ඉතිහාසය සහ අනාවැකි යන දෙකම සමඟ කථා කරයි. එය අපට කලින් සිදු වූ දේ සහ ඉක්මණින් සිදුවන්නට යන දේ පවසයි. පුදුම සහගත අනාවැකියක් ලෙස, ලෝක විනාශයට පෙර අවසාන අනතුරු ඇඟවීමේ පණිවිඩය අපට කියවිය හැකිය.

එළිදරව් 14 හි දේවදූතයන් තුන්දෙනා විසින් පැහැදිලි කරන ලද මෙම අනතුරු ඇඟවීමේ පණිවිඩය කොටස් තුනකින් යුක්ත වේ. මෙම සෑම අනතුරු ඇඟවීමක්ම මුළු ලෝකයටම ඇසීම ඉතා වැදගත් වේ.

  • පළමු දේවදූතයා අපට පවසන්නේ අහසත්, පොළොවත්, මුහුදත් සෑදූ මැවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේට නමස්කාර කරන ලෙසය. අපි මැවුම්කරුවාණන්ට නමස්කාර කළ යුත්තේ උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමිණ ඇති බැවිනි. පළමු දේවදූතයා අපට පවසන්නේ මෙම දෙවියන්වහන්සේව දැන හඳුනාගෙන විනිශ්චයට මුහුණ දීමට සූදානම් වන්නේ කෙසේද යන්න වේ.

  • දෙවන දේවදූතයා අපට අනතුරු අඟවන්නේ අවසාන කාලයේදී ආගමික ඇදහිල්ල අත්හැරීම ගැනයි. මැවුම්කරු වූ දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ හෙළිදරව් කරන ලද වචනයට ගරු නොකරන ආගමික පද්ධතිවලින් 'පිටතට එන්න' කියා අපට පවසා ඇත.

  • තුන්වන දේවදූතයා අපට අනතුරු අඟවන්නේ මැවුම්කරු වූ දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ සෙනඟට එරෙහිව එක් අවසාන ප්‍රහාරයක් සැකසීමට නපුරා ඇදහිල්ල අත්හළ ආගමික සංස්ථාව හරහා ක්‍රියා කරන බවයි. නපුරා අනුව යන අය මත "ලකුණක්" තබන අතර, දෙවියන්වහන්සේට විශ්වාසවන්තව සිටින අයට පීඩා කරනු ඇත. නමුත් මෙම භයානක සළකුණ ඇති අය මත දෙවියන්වහන්සේ තම විනිශ්චයන් වගුරන සේක. ඇදහිල්ල සහ කීකරුකම ඇති උන්වහන්සේගේ සෙනඟ, මිය යන ග්‍රහලෝකයක පාළුවීම්වලින් ගැළවෙනු ඇත. ඔවුන් දෙවියන්වහන්සේ සමඟ ස්වර්ගයට යන අතර උන්වහන්සේ ලෝකය එහි මුල් පරිපූර්ණත්වයෙන් ප්‍රතිනිර්මාණය කරන ආකාරය බලා සිටිනු ඇත.

අපගේ පුවත් පත්‍රිකා වසඳහා ලියාපදිංචි වන්න

නව ප්‍රකාශන ලබා ගත හැකි විට මුලින්ම දැන ගන්න!

newsletter-cover