
නපුරු ආත්මයන්ගෙන් ආරක්ෂාව
සාරාංශය
නපුරු ආත්මයන් සැබෑ සේම ඔවුන් ඉතා බියකරු විය හැකිය. සමහර පුද්ගලයන් ඒ ආත්මයන් පාලනය කරහැකි බව පවසමින් ඒ සදහා අපට උදව් කිරීමට පෙර ඔවුන් මුදල් අය කරති. යේසුස් ක්‍රිස්තුස්වහන්සේට භූතයන් බැඳීමට සහ දුරු කිරීමට බලය තිබුණත් උන්වහන්සේ කිසිවිටෙක ගෙවීමක් ඉල්ලා සිටියේ නැත. උන්වහන්සේ නිතරම මිනිසුන්ට නොමිලේම උදව් කළේ උන්වහන්සේගේ මහත්වූ දයානුකම්පාව නිසාත්, නපුරු ආත්මයන් අපට හිරිහැර කරනවා දැකීමට උන්වහන්සේ අකමැති නිසාත් ය. මෙම පත්‍රිකාව තුළින් අපට උගන්වනු ලබන්නේ නපුර පැමිණියේ කොහෙන්ද කියා සහ යක්ෂයන්ගෙන් මිදීම සඳහා යේසුස්වහන්සේට යාච්ඤා කළ හැකි ආකාරය කෙසේද කියා ය.
ටයිප් කරන්න
පත්‍රිකාව
ප්‍රකාශකයෝ
Sharing Hope Publications
ලද හැක -
12 භාෂාවකින්
පිටු
6
අග්නිදිග ආසියාවේ, එක්තරා දීප්තිමත් උදෑසනක, මම වෙළඳපොළට යාමට පිටත්ව එද්දී, මගේ අසල්වැසියා ඇගේ මහල් නිවාසයෙන් පිටත්ව, බෙරිහන් දෙමින් මා වෙතට දිව ආවේ විශාල පිහි දෙකක් දෑතේ වනමිනි. ඇගේ දෑස් භීතියෙන් පිරී තිබුණ අතර එම ස්ථානයේ යක්ෂ ආත්මයන් සිටින බව මට හැඟෙන්නට විය. මම කිතුනුවකු බැවින්, ආරක්ෂාව ඉල්ලා නිහඬව යාච්ඤා කිරීමට පටන් ගත්තෙමි. මම යාච්ඤා කරන විට, එම යක්ෂ ආත්මය බෙලහීන වී, මගේ මිතුරා සන්සුන් විය. ඉන්පසු ඈ ඇගේ දෑත් වල තිබූ පිහි ඉවත් කිරීමට මට ඉඩ දුන්නාය.
යේසුස්වහන්සේගේ බලය
යේසුස්වහන්සේගේ මෙම බලය අත්දුටු දහස් ගණනක් සිටියි. ඔවුන් යක්ෂ ආත්මයන්ගෙන් නිදහස් වී ඇත, රෝගවලින් සුව වී ඇත, ශාපවලින් මෙන්ම, ශාරීරික අනතුරුවලින්ද ආරක්ෂා වී ඇත. නමුත් යේසුස්වහන්සේ යනු කවුරුන්ද? උන්වහන්සේට ඇත්තේ කුමන ආකාරයේ බලයක් ද? යේසුස්වහන්සේගේ කථාව, ක්‍රිස්තියානි ශුද්ධ ලියවිල්ල වන බයිබලයේ සඳහන් වේ. යක්ෂ ආත්මවලට විරුද්ධව උන්වහන්සේගේ බලය ක්‍රියාත්මක වූ එක් අවස්ථාවක් මෙසේ කියැවෙයි.
එක්තරා දිනක, පියෙක් තම පුතාව යේසුස්වහන්සේ ළඟට ගෙනැවිත්. “ආචාරිනි, මාගේ පුත්‍රයා දෙස බලන මෙන් ඔබගෙන් ඉල්ලමි; මක්නිසාද ඔහු මාගේ එකම දරුවාය ආත්මයක් ඔහුට ආවේශවේ, ඔහුද හදිසියෙන් මොරගසයි; ඒ ආත්මය ඔහුට පීඩා කොට, වෙවුලවා, පෙණදම්මවා, බොහෝ තුවාලකොට, අමාරුවෙන් ඔහුගෙන් අහක්වයයි . . . ඔහු බොහෝ විට ගින්නට හා ජලයටද වැටේ!” යේසුස්වහන්සේ: "නුඹේ පුත්‍රයා" "මෙහි ගෙනෙන්නැයි" කීසේක. ඔහු එද්දීම යක්ෂයා ඔහු බිම හෙළා, ඔහුට බොහෝසේ පීඩාකෙළේය.
ඒ පියාත් දරුවාත් නිසා යේසුස්වහන්සේගේ හදවත වේදනාවට පත් විය. “ඔබ විශ්වාස කරන්නේ නම්, උන්වහන්සේට සියල්ල කරන්න පුළුවන්” යැයි උන්වහන්සේ පැවසූ සේක.
එකෙණෙහිම දරුවාගේ පියා: “මම විශ්වාසකරමි; මාගේ විශ්වාසය මදිකමට පිහිටවුව මැනව”යි මොරගසා කීවේය.
උන්වහන්සේ අශුද්ධාත්මයට තරවටුකර, “‘මොහු කෙරෙන් පහව යව, තවත් මොහුට ආවේශ නොවන්ට ඔබට අණකරමියි කීසේක.’ එවිට ආත්මය මොරගසා, බොහෝසේ ඔහු වෙවුලවමින්, පිටතට ආවේය” (ලූක් 9:37–42, මාර්ක් 9:17–27).
තම පවුලේ අයවලුන්ට යක්ෂ ආත්ම පහර දෙන නිසා පීඩාවට පත් මෙවන් පියවරු මෙන්ම තවත් අය අප අතරේ සිටින්නට පුළුවන. නින්ද නොමැති අය, අසනීප අය, අමුතු කටහඬවල් ඇසෙන අය, ඉන් සමහරෙකි. සමහරුන්ට අධිමානුෂික ශක්තියක් ලැබෙන අතර ඔවුන් මුළු ගම්මානයම බිය ගන්වයි. කුමනාකාර වුවත්, ඔවුන් සියල්ලන්ටම උපකාර අවශ්‍යයි!
ශුභාරංචිය නම් මෙයයි: ඔබට යේසුස්වහන්සේට යාච්ඤා කර, නපුරු බලවේගයන්ට එරෙහිව ආරක්ෂාව ඉල්ලිය හැක.
වියදමකින් තොර වූ උපකාරය
බොහෝ ආගමික සුවකරන්නන් මෙන්ම ආත්ම වෛද්‍යවරු, මෙම ගැටලුවලට උපකාර කිරීමට පෙර විශාල මුදලක් අය කරයි.
වඩාත්ම හොඳ ශුභාරංචිය නම් මෙයයි: යේසුස්වහන්සේ නොමිලේ උපකාර කරයි.
කලින් බයිබල් කතාවට අනුව, යේසුස්වහන්සේට ඒ දුක් විඳින පවුලෙන් මුදල් අවශ්‍ය නොවීය. උන්වහන්සේට අවශ්‍ය වුයේ, ඔවුන් උන්වහන්සේව විශ්වාස කිරීම පමණි. යහපත් දෙමවුපියන් තම දරුවන් රැක බලා ගන්නා සේ, යේසුස්වහන්සේද තම දරුවන්ගේ ප්‍රශ්න විසඳා දීමට, ආදරයෙන් මග බලා සිටියි.
යේසුස්වහන්සේ විශ්වයේ මැවුම්කරු ලෙස බයිබලය හඳුන්වයි. උන්වහන්සේ මෙලොවට පැමිණියේ උන්වහන්සේව විශ්වාස කරන පිණිස, අපට උදව් කිරීමටයි. මැවුම්කරුවාණන් ලෙස මේ ලෝකය පාපයෙන්, දුක් වේදනා වලින් සහ මරණයෙන් මුදා ගැනීමට උන්වහන්සේට බලය ඇත. කෙසේද?
මෙම විශ්වයට පාපයක්, දුක් විඳීමක් හෝ මරණයක් නොතිබුන කාලයක් ගැන බයිබලය කතා කරයි. සියල්ල මනාව සුසංයෝග විය. නමුත් දෙවියන්වහන්සේගේ මැවිල්ලක් වූ දේවදුතයකුගේ කැරැල්ලක ආරම්භයත් සමඟම, ඒ සියල්ල වෙනස් විය. මෙම දේවදූතයා තම මැවුම්කරුට ඊර්ෂ්‍යා කළේය. ඔහු අනෙක් දේවදූතයන් අතරේ බොරු පතුරුවා හැරීමට පටන් ගෙන, ඔවුන්ගෙන් තුනෙන් එකක් තමන් වෙතට හරවා ගත්තේය. ඔවුන් එක්ව දෙවියන්වහන්සේ බලයට කෑදර සහ ආත්මාර්ථකාමී බවට චෝදනා කළහ.
මැවුම්කරුවාණන්ට ඉතා අපහසු තීරණයක් ගන්නට සිදු විය. උන්වහන්සේ ඔවුන්ට, ඒ වැරදි දේ නවත්වන්න යයි බල කළහොත් හෝ ඔවුන්ව විනාශ කළහොත්, අනෙක් දේවදූතයන් සහ විශ්වයේ සෙසු අය, එම බොරු චෝදනා සත්‍ය යැයි සිතිය හැකිය. අනෙක් තේරීම වූයේ කැරලිකාර දේවදූතයන්ගේ නපුරුකම් ඔවුන්ගේ චෝදනාවලට එරෙහිව සාක්ෂියක් වීමට ඉඩ දීම සඳහා ඔවුන්ට ජීවත් වීමට ඉඩ හැරීමයි. එවිට, සුදුසු කාලය පැමිණි විට, මැවුම්කරුවාණන් කැරැල්ල අවසන් කරනු ඇත.
කැරැල්ල ආරම්භ වූ පසු, අපගේ මුල් දෙමාපියන් දෙවියන්වහන්සේගේ අනතුරු ඇඟවීම්වලට අකීකරු වී, නපුරු දූතයන්ට මේ ලෝකයට හිමිකම් කීමට ඉඩ හැරියේය. මෙම දූතයන් දැන් මනුෂ්‍යන් රවටා ඔවුන් විනාශ කරයි. කොහොම නමුත්, මැවුම්කරුවාණන්ට තවමත් මෙම නපුරු දූතයන්ට වඩා විශාල බලයක් ඇති හෙයින්, අප ඉල්ලා සිටින විට, උන්වහන්සේ සතුටින් අපට උපකාර කරනසේක.
ඔබේ ආරක්ෂිත ස්ථානයට එන්න
මට පහර දීමට උත්සාහ කළ මගේ අසල්වැසියා මතකද? ඇය පිහි අත හැර දැමූ පසු, මියගිය ඇගේ මවගේ ආත්මය යැයි කියමින් බියකරු හඬක් ඇය හරහා කතා කළේය. නපුරු දූතයා ආහාර පූජාවක් ඉල්ලා සිටියේය. මේ නපුරු ආත්මය දුරු කරන ලෙස මම දෙවියන්වහන්සේගෙන් ඉල්ලා, මා සමඟ සිටි අනෙක් අය සමඟ යාච්ඤා කළෙමි. අවසානයේදී, ආත්මය ඇයව හැර ගිය අතර, ඈ ඇගේ සිහි කල්පනාවට නැවත පැමිණියාය.
“මට අයෙමත් එවැනි දෙයක් වෙන්න ඕන නෑ!” ඈ තදින් කියා සිටියාය. යහපත සහ අයහපත අතර අදෘශ්‍යමාන සටන අත්විඳි ඇයට, එම අන්ධකාර බලවේගයන්ගෙන් ආරක්ෂා වන්නේ කෙසේදැයි දැන ගැනීමට අවශ්‍ය විය. ඒ නිසා මම ඇයට යේසුස්වහන්සේ ගැනත් බයිබලය ගැනත් කියා දුන්නෙමි. අතීතයේදී තමාව රිදවූ කෙනෙකු කෙරෙහි තිබූ කෝපය සහ තිත්තකම අත්හැරීමට ඇයට උපකාර කරන ලෙස ඇය යේසුස්වහන්සේට යාච්ඤා කළාය. තමාට යහපත් හදවතක් ලබා දෙන ලෙසත් නපුරෙන් ඇයව ආරක්ෂා කරන ලෙසත් ඇය මැවුම්කරුවාණන්ගෙන් ඉල්ලා සිටියාය. ඇය මෙසේ කළ නිසා, නපුරු ආත්මයන් ඇයට හිරිහැර කිරීමට නැවත පැමිණියේ නැත!
යේසුස්වහන්සේගේ ආරක්ෂක බලය අත්විඳීමට ඔබත් කැමතිද? ඔබට මෙසේ යාච්ඤා කළ හැකිය:
ආදරණීය දෙවියන්වහන්ස, මට ඔබගේ උපකාරය අවශ්‍යයි. මගේ ජීවිතයෙන් සියලු නපුරු ආත්මයන් එළවුව මැනව. මට අලුත් සිතක් ලබා දී මා ආරක්ෂා කිරීමට ශුද්ධ දූතයන් එව්ව මැනව. යේසුස්වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිමි. ආමෙන්!
නපුරු ආත්මයන්ගෙන් නිදහස් වීමට, ඔබට හෝ ඔබේ ආදරණීයයෙකුට යේසුස්වහන්සේ උපකාර කරනවාට ඔබ කැමති නම්, කරුණාකර මෙම පත්‍රිකාවේ පිටුපස ඇති තොරතුරු හරහා අප හා සම්බන්ධ වන්න.
Copyright © 2023 by Sharing Hope Publications. අවසරයකින් තොරව වාණිජ නොවන අරමුණු සඳහා මුද්‍රණය කර බෙදා ගත හැක.ශුද්ධ ලියවිල්ල: සිංහල සංශෝධිත පැරණි අනුවාදය ® වෙතින් උපුටා ගන්නා ලදී. ප්‍රකාශන හිමිකම © 2016. ශ්‍රී ලංකා බයිබල් සමාගම. සියලුම හිමිකම් ඇවිරිණි.
අපගේ පුවත් පත්‍රිකා වසඳහා ලියාපදිංචි වන්න
නව ප්‍රකාශන ලබා ගත හැකි විට මුලින්ම දැන ගන්න!

ඔබේ ප්‍රේක්ෂකාගාරය සොයාගන්න
විශේෂාංග ප්‍රකාශන
© 2023 Sharing Hope Publications