
යේසුස්වහන්සේට උදව් කළ හැකිද?
සාරාංශය
අපි හැමෝම අපේ ජීවිතවල අපට තනිවම විසඳගත නොහැකි ප්‍රශ්නවලට මුහුණ දෙන්නෙමු. සමහර වෙලාවට අප සිතනවා අපේ වේදනාව කාටවත් පේන්නේ නැතැයි කියා, නමුත් මැවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේ ඒ සියලු වේදනාවන් හඳුනනසේක. උන්වහන්සේ තම පුත්‍රයාණන් වන යේසුස්වහන්සේව සැලැස්මක් ඇතිව මෙලොවට එව්වේ අපව සදහටම දුක් විඳීමෙන් ගළවා ගැනීම උදෙසාය. මෙම කථා තුන විස්තර කරන්නේ සැබෑ ගැටලු ඇතිව උපකාර පතා යේසුස්වහන්සේ වෙතට හැරුණු සැබෑ මිනිසුන් ගැනය. ඒ වනවිට ඔවුන්ගෙන් කිසිවෙක් යේසුස්වහන්සේ ගැන වැඩි යමක් දැනගෙන සිටියේ නැත, නමුත් උන්වහන්සේ ඔවුන්ට උපකාර කළ පසු, ඔවුන්ට උන්වහන්සේව වඩා හොඳින් දැන ගන්නට අවශ්‍ය වුණි. මේ පත්‍රිකාව මගින් අපට උගන්වනු ලබන්නේ අපගේ ප්‍රශ්ණ යේසුස්වහන්සේට ඉදිරිපත් කරමින් උන්වහන්සේට යාච්ඤා කරන ආකාරයයි. උන්වහන්සේ අපටත් උදව් කරාවි!
ටයිප් කරන්න
පත්‍රිකාව
ප්‍රකාශකයෝ
Sharing Hope Publications
ලද හැක -
12 භාෂාවකින්
පිටු
6
දයාබර මිතුර, ඔබ ඔබේ ජීවිතය තුළ පොරබදින දේ මම නොදනිමි. නමුත්, විසඳා ගැනීමට නොහැකි ප්‍රශ්නවලට මුහුණ දීමට, අප සියල්ලන්ටම සිදුවේ.
අසනීප තත්ත්වයන්. සිත් වේදනාවන්. තනිකම. ඇබ්බැහිවීම්. දුප්පත්කම. භය. ලැජ්ජාව. ඔබ මුහුණ දෙන ප්‍රශ්නය කුමක් වුවත්, ඔබට උදව් කළ හැකි කෙනෙක් සිටී. ඔහුගේ නම යේසුස් ක්‍රිස්තුස්. බොහෝ අය අවශ්‍ය අවස්ථාවලදී උන්වහන්සේ වෙත හැරී උපකාර ලබාගෙන ඇත.
යේසුස්වහන්සේ උපකාර කළ, ආසියාවේ ජීවත්වන තුන් දෙනෙකුගේ සත්‍ය කතා තුනක්, පහතින් සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ තරුණ මවක්
ජයා කුඩා රුධිර රසායනාගාරයක සේවය කළාය. තම සැමියාගේ හැර යාමත් සමඟ, තමාට සහ පුතාට ජීවත් වීමට රැකියාවක් ලැබීම ගැන ඇය සතුටු වූවාය. ජයා බෞද්ධයෙකු වුවද, ක්‍රිස්තු භක්තිකයෙකු වූ ඇගේ ප්‍රධානියා වන ඇනා සමඟ ප්‍රීතියෙන් වැඩ කළාය. ඔවුන් ඉක්මනින්ම හොඳ මිතුරන් බවට පත් විය.
දිනක් වැඩ කරමින් සිටියදී, ජයාට හදිසියේම දැඩි වේදනාවක් දැනුනි. ඇගේ අතේ දිගු කැපුම් තුනකින් රුධිරය ගලනවා දුටු ඇය, භීතියෙන් කෑගැසුවාය. කාමරයේ නපුරු ආත්මයන් සිටින බව ජයාට දැනෙන්නට විය.
ඇගේ කෑගැසීම ඇසී ඇනා දුවගෙන ආවාය. සිදු වූ දේ ජයා පැහැදිලි කරද්දී, ඇගේ සුදුමැලි මුහුණේ තිබූ බිය ඇය දුටුවාය. ඇනා ප්‍රතිචාර දක්වමින්, “ජයා, මගේ දෙවියන්වහන්සේට මේ නපුරු ආත්මයන්ට යන්න අණ කරන්න බලය තියෙනවා. අපි යාච්ඤා කරමු.” ඇනා යාච්ඤා කරන විට, ජයාට දැනුනේ ඇය කෙරෙහි සාමය ගලා එන්නාක් මෙනි. නපුරු ආත්ම පහවී ගියාය.
“යාච්ඤාවේ ඉක්මන් පිළිතුර ගැන මම පුදුමයට පත් වුණා.” ජයා පැවසීය. “මගේ ප්‍රධානියා යාච්ඤා කළ ‘යේසුස්වහන්සේ’ ගැන තව තවත් දැන ගැනීමට මට අවශ්‍යයි. ඇත්තෙන්ම, උන්වහන්සේ අපේ යාච්ඤාවලට සවන් දී පිළිතුරු දෙනසේක!”
බැංකොක් හි ව්‍යාපාරික කාන්තාවක්
සුචීන් බැංකොක්හි සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් වූ අතර ඇය නිතරම තම ආයතනයේ උසස්වීම් ලබමින් සිටියාය. එසේ වුවත්, සියල්ලම යහපත් නොවීය. ඇයත් ඇය විවාහ වීමට සිතූ පෙම්වතාත්, වෙන් වූහ. දැන් ඇය බිඳුණු හදවතකින් තනි වී සිටියි.
සතියෙන් සතිය ගෙවී යත්ම ඇගේ ලෝකය තවත් අඳුරු වී යන්නාක් මෙන් ඇයට දැනුණි. ප්‍රවෘත්ති නිරන්තරයෙන් බිහිසුණු ඛේදවාචක විස්තර කරන බව සුචීන්ට දැනෙන්නට විය. ගීතවල පද පේලි මෙන්ම චිත්‍රපටද ජීවිතයේ විපත් ගැන කියන්නා සේ ඇයට හැඟුනි. ඇගේ නිගමනය වූයේ, මෙම ව්‍යසනයන් පිටුපස මහා ප්‍රඥාවන්තයෙක් සිටිය යුතු බවයි. නමුත් ලෝකයේ යහපත ගැන කුමක් කිව හැකිද? එය පිටුපස ජීවියෙක් සිටියාද? ඇය දැන සිටියේ නැත.
දිනක් රාත්‍රියේදී සුචීන් අවදි වූයේ තම කාමරයේ තවත් කවුරුන් හෝ සිටිනවා යැයි දැනුණු නිසාය. මුලදී ඇය දකින්නේ සිහිනයක් යැයි සිතූ නමුත් ඇය නැවත බැලූ විට ඇගේ ඇඳ පාමුල යමෙකු සිටගෙන සිටිනු දුටුවාය. පුදුමයකට මෙන් ඇය බිය නොවීය. කාරුණික මුහුණ දෙස බැලූ ඇය මේ ජීවියා යහපත් බව දැන ගත්තාය. එය ප්‍රත්‍යක්ෂ කරගනිමින් ඇය නැවතත් නින්දට ගියාය.
පසුදා සුචීන් තම රාත්‍රී අමුත්තා ගැන කල්පනා කළ අතර ඇය දුටු පුද්ගලයා යේසුස්වහන්සේ බව ඒත්තු ගත්තාය. උන්වහන්සේ ඇගේ බලාපොරොත්තු සුන්වීම දන්නා බවත් ඇයට උදව් කිරීමට පැමිණ ඇති බවත් ඇයට හැඟුණි. උන්වහන්සේ ගැන වැඩිදුර ඉගෙන ගන්නේ කොහෙන්ද කියා කල්පනා කරමින් සිටි ඇයට ක්‍රිස්තියානි දේවස්ථානයකට යාමට දැඩි උනන්දුවක් ඇති විය. එහිදී ඇය බයිබලය අධ්‍යයනය කරන අතරේදී, යේසුස්වහන්සේ ගැනත් උන්වහන්සේව සොයන්නේ කෙසේද යන්නත්, ඇය ඉගෙන ගත්තාය. ආයෙත් කවදාවත් තනියම ඉන්න ඕන නෑ කියලා සුචීන් සහතික කර ගත්තාය.
මැලේසියාවේ ඉතා අසරණ පියෙක්
චෙන්ග්, පසුගිය රාත්‍රීන් කිහිපයේ නිදා සිටි තම මෝටර් රථ අසුන මත, අපහසුවෙන් එහෙට මෙහෙට පෙරලෙන්නට විය. ඔහු තම පුතුගේ රෝහල් ඇඳ ළඟ සිටීමට ප්‍රිය කළත්, දැඩි සත්කාර ඒකකය, එක රැයකට කාමරයේ සිටීමට අවසර දුන්නේ දෙමාපියන්ගෙන් එක් අයෙකුට පමණි.
ඇයි ඔහුගේ කුඩා පුතාට ජීවිතයට තර්ජනයක් වන හෘද රෝගයක් තිබුණේ? ඔහු මැරුණොත්? තම එකම දරුවා නැති ජීවිතය ගැන සිතීම පවා ඔහුට දරාගත නොහැකි විය! චෙන්ග්ගේ කම්මුල් දිගේ කඳුළු ගලා ගියේය. ඔහුට එතරම්ම අසරණ බවක් දැනුනි. මුතුන් මිත්තන්ට යාච්ඤා කිරීම සහ පන්සලේ වතාවත්, කිසිඳු පිළිතුරක් ගෙනාවේ නැත. දැන්, ශල්‍ය වෛද්‍යවරු පවසන්නේ තම පුතාගේ හදවත, සැත්කමකින්වත් යථා තත්ත්වයට පත් කළ නොහැකි බවයි.
තමාට යාබද අසුන දෙස නෙත් යොමා සිටි චෙන්ග්ගේ දෑස් ගැටුණේ, දින කිහිපයකට පෙර කිතුනුවකු විසින් ඔහු අතට දුන් කුඩා පත්‍රිකාවකටය. දෙවරක් නොසිතා, චෙන්ග් ආලෝකයක් දල්වා එය කියවන්නට විය. මේ ලෝකය මැවූ දෙවි කෙනෙකු ගැන, එම කුඩා පත්‍රිකාව කතා කළේය. අපට ආදරය කරමින් අපේ අවශ්‍යතාවයන් උන්වහන්සේට ඔසවන තෙක් බලා සිටින දෙවි කෙනෙකු ගැනය.
චෙන්ග් තමා කියෙවූ දේ ගැන කල්පනා කරන්නට විය. ඔහුට කාගෙන්වත් හව් හරනක් නොවීය. මේ දෙවියන්ටවත් මට උදව් කළ හැකිද? “දෙවියන්වහන්ස, ඔබවහන්සේ ජීවමාන නම් මම වෙනුවෙන් එක දෙයක් කරන්න. මගේ පුතාව සනීප කරන්න! ඔබවහන්සේ එසේ කරන්නේ නම්, ඔබවහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනු ඇත, මමද ඔබවහන්සේ අනුව එන්නෙමි.”
පසුදා උදෑසන චෙන්ග් තම පුතාගේ රෝහල් වාට්ටුවට ඇතුළු විය. වෛද්‍යවරු සහ හෙදියන් තම පුතුගේ ඇඳ වටා කතා බහක යෙදී සිටිනවා ඔහු දුටුවේය. ඔවුන් පුදුමයෙන් මෙන් සෞඛ්‍ය වාර්තා දෙස බලන්නට විය. දරුවා සුවපත් වී සිටියේය!
දැන් ඔබේ වාරයයි
ඔබ ඔබේ රැකියාව සමඟ, එහෙමත් නැතිනම් ඔබේ අධ්‍යාපනය සමඟ පොරබදිනවාද? ඔබ ළඟ සිටින පුද්ගලයින් සමඟ ගැටුම් ඇති කර ගන්නවාද? ඔබ අසනීපයෙන් ද? බයෙන් සිටිනවාද? ඔබ තනිවෙලාද? ඔබ ඔබගේ ඇබ්බැහි වීමක් හෝ දුර්වලතාවයක් ඉදිරියේ අසරණද?
යේසුස්වහන්සේට පුළුවන් ඔබට උදව් කරන්න!
උන්වහන්සේ මෙසේ පවසයි, “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි” (මතෙව් 11:28).
යේසුස්වහන්සේ කවුද කියලා ඔබට සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැති වෙන්නට පුළුවන. උන්වහන්සේ සැබෑ දැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් ඔබට අවංකවම සත්‍යය දැනගැනීමට අවශ්‍ය නම්, ඔබට ඇත්තටම උපකාර අවශ්‍ය නම්, යේසුස්වහන්සේ ඔබට නිසැකවම උපකාර කරනවා ඇත.
සරලව යාච්ඤා කරන්න, “යේසුනි, ඔබ සැබෑ බවත් මට උපකාර කළ හැකි බවත් විශ්වාස කිරීමට මට අවශ්‍යයි. ඔබවහන්සේ ජීවමාන බව පෙන්වා මට...... (හිස්තැන් පුරවන්න) උදව් කළ මැනව. ඔබවහන්සේ වැනි දෙවි කෙනෙක් මට අවශ්‍යයි!”
යේසුස්වහන්සේ ඔබට අනිවාර්යෙන්ම උදව් කරන සේක. යේසුස්වහන්සේ එසේ කළ විට, උන්වහන්සේ ගැන තවත් කෙනෙක්ට කියන්න!
ඔබ යේසුස්වහන්සේගේ බලය ගැන වැඩි විස්තර දැන ගැනීමට කැමති නම්, කරුණාකර මෙම පත්‍රිකාවේ පිටුපස ඇති තොරතුරු වලින් අප හා සම්බන්ධ වන්න.
Copyright © 2023 by Sharing Hope Publications. අවසරයකින් තොරව වාණිජ නොවන අරමුණු සඳහා මුද්‍රණය කර බෙදා ගත හැක.ශුද්ධ ලියවිල්ල: සිංහල සංශෝධිත පැරණි අනුවාදය ® වෙතින් උපුටා ගන්නා ලදී. ප්‍රකාශන හිමිකම © 2016. ශ්‍රී ලංකා බයිබල් සමාගම. සියලුම හිමිකම් ඇවිරිණි.
අපගේ පුවත් පත්‍රිකා වසඳහා ලියාපදිංචි වන්න
නව ප්‍රකාශන ලබා ගත හැකි විට මුලින්ම දැන ගන්න!

ඔබේ ප්‍රේක්ෂකාගාරය සොයාගන්න
විශේෂාංග ප්‍රකාශන
© 2023 Sharing Hope Publications