
වඩා යහපත් අනාගතයක්
සාරාංශය
මෙම ලෝකයේ, සෑම මොහොතකම නරක දේවල් සිදුවේ. මිනිසුන් දුක් විඳ මිය යති. නමුත් අනාගතය සඳහා බලාපොරොත්තුවක් තිබේ! කිතුණු ශුද්ධ ග්‍රන්ථය වන බයිබලය පවසන්නේ යේසුස්වහන්සේ උන්වහන්සේට ප්‍රේම කරන මිනිසුන්ව වඩා හොඳ ස්ථානයකට රැගෙන යාම සඳහා නැවත පැමිණෙන බවයි. එහිදී කිසිවකු අසනීප වන්නේවත් දුක් විඳින්නේවත් නැත. සෑම කෙනෙක්ම සදාකාලිකවම සාමයෙන් හා සමගියෙන් සතුටින් ජීවත් වනු ඇත. මෙම පත්‍රිකාව අපට පවසන්නේ දෙවියන්වහන්සේ සතුව සූදානම්ව ඇති සුන්දර අනාගතයේ කොටස්කරුවකු බවට පත් වීමට ඔබට හැකි වන්නේ කෙසේද යන්නයි!
ටයිප් කරන්න
පත්‍රිකාව
ප්‍රකාශකයෝ
Sharing Hope Publications
ලද හැක -
12 භාෂාවකින්
පිටු
6
ලීඔහුගේ කුඩා දැරියන් දෙදෙනා, තදින් අල්ලාගෙන සිටියේ ඔවුන් සුපිරි වෙළඳ සැලේ එහා මෙහා ගමන් කරන අතරේදීය. “පරිස්සමෙන්,” ඔහු ආරක්ෂාකාරී ලෙස මිමිනුවේය. “තාත්තාට ළඟින් ඉන්න.” ඔහුගේ හිස ඒ මේ අත කැරකෙන්නට විය. ඔහු මෙලෙස පොළට යාමට පුරුදු වී සිටියේ නැත. ඇත්තෙන්ම, ඔහු තම දරුවන් තනිවම රැකබලා ගැනීමටද පුරුදු වී සිටියේ නැත.
ලී කෙසේ හෝ ආහාර ස්වල්පයක් මිලදී ගෙන, තම දියණියන් සමඟ බසයට ගොඩවීමට සමත් වුවද, ඔහුගේ සිතේ ශෝකය දරා ගත නොහැකි තරම් විය. සති කිහිපයකට පෙර මිය ගිය ඔහුගේ බිරිඳ, ඔහුට මතක් වුණි. ඇගේ සිනාමුසු මුහුණ ඔහුට මතක් වුණි. ඇය පිළියෙළ කළ අහාරවල රසයත්, ඇය තම දියණියන් රැක බලා ගත් ආකාරයත්, ඔහුගේ සිහියට නැගෙන්නට විය. ඔවුන් දෙදෙනාගේ ජීවිතය මෙතරම් ඛේදජනක ලෙස අවසන් වේ යැයි ඔහු කිසිවිටෙකත් බලාපොරොත්තු නොවීය.
ඔහු මෙතරම් දුක් විඳිය යුත්තේ ඇයි? ඔහුගේ දරුවන් දුක් විඳිය යුත්තේ ඇයි? අනාගතය වෙනුවෙන් ඔහුට බලාපොරොත්තු විය හැකි හොඳම දේ මෙයද?
අනාගතය වෙනුවෙන් බලාපොරොත්තුවක්!
කාලය ගෙවී යත්ම, තමාට හොඳ අනාගතයක් ලබා දීමට ධර්මයට හැකි වේ දෝහෝයි ලී කල්පනා කළේය. නමුත් සෑම ආගමක්ම තමන්ගේම විසඳුම් ඉදිරිපත් කරන බවත් සෑම ආගමක්ම හොඳ නොවන බවත් ඔහු තේරුම් ගත්තේය. ඔහුට අහිමි වූ දේ පිළිබඳව ඔහු පිළිතුරු සොයන්නේ කොතැනින්ද? තම බිරිඳ සමඟ නැවතත් එකතු වීමේ කිසි බලාපොරොත්තුවක් නැද්ද? නිමක් නැති දුක් වේදනා කවදා හෝ විසඳේවිද?
සමහර දාර්ශනිකයන් උගන්වන්නේ, මෙම ලෝකය ක්‍රමයෙන් වැඩි දියුණු වන බවයි. නමුත් ලීට පැහැදිලිවම එහි ප්‍රතිවිරුද්ධ පැතිකඩ දැකගත හැකි විය. අනෙක් ධර්මතාවයන් දුක්වලින් පැන යාමේ සැලැස්මක් පිරිනමයි. ඔවුන් මේ ලෝකය සදාකාලික විනාශයක් ලෙස දකින අතර, යහපත් මිනිසුන් මිය ගිය විට දෙවියන්වහන්සේ ඔවුන්ව බේරාගෙන ස්වර්ගයට ගෙන යන බව උගන්වයි. සමහරු, විස්තර කළ නොහැකි ස්ථිර තත්වයක් පිළිබඳ අදහසක් දෙන, නිර්වාණය කෙරෙහි අවධානය යොමු කරති. නමුත් එය එතරම් පුද්ගලික නොවන බව ඔහු දුටුවේය. හොඳම දෘෂ්ටි කෝණය කුමක්දැයි ලී කල්පනා කළේය.
ක්‍රිස්තියානි විසඳුම
ලී ක්‍රිස්තියානි අසල්වැසියෙකු සමඟ කතා කිරීමට පටන් ගත්තේය. අපි අපේ මැවුම්කරුට විරුද්ධව කැරලි ගැසූ නිසා මේ ලෝකය කරදරයට වැටී ඇති බව, බයිබලය නැමැති ක්‍රිස්තියානි ශුද්ධ ලියවිල්ලෙන්, ඔහු ඉක්මනින්ම ඉගෙනගත්තේය (උත්පත්ති 6:5). නමුත් අපේ මැවුම්කරු මේ ලෝකය, එහි මුල් පරිපූර්ණත්වය කරා නැවත නිර්මාණය කිරීමට පොරොන්දු වී ඇත (එළිදරව් 21:1). තම ආත්මාර්ථකාමී චේතනාවන් සුව කිරීමට දෙවියන්වහන්සේට ඉඩ දී ඇති සියල්ලන්ව, අලුත් පොළොවට පිළිගනු ලැබේ.
මැවුම්කරු බයිබලයේ මෙසේ පවසයි, “උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.” (එළිදරව් 21:4). දුක සදහටම පහව යනු ඇත!
“එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය. එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය” (යෙසායා 35:5–6). ශාරීරික දුර්වලතා පහව යනු ඇත!
ස්වභාවික ලෝකය ද යථා තත්ත්වයට පත්වනු ඇත. “වෘකයාද බැටළුවස්සාද එකට තෘණ කන්නෝය, සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය.” (යෙසායා 65:25).
මෙය සිදු වන්නේ කෙසේද? දෙවියන්වහන්සේගේ ඒ දවස පුදුමයක් ලෙස පැමිණෙන බව බයිබලය පවසයි (මතෙව් 24:36–42), නමුත්, කිසිවෙකුටත් එය මග නොහැරෙයි. මක්නිසාද, “බලන්න, උන්වහන්සේ වලාකුල්වලින් එනසේක; සියලු ඇස්ද උන්වහන්සේව දකින්නෝය” (එළිදරව් 1:7). විදුලිද ගර්ජනාද ඇති වන්නේය. පොළවද කම්පා වන්නේය. (මතෙව් 24:27; එළිදරව් 16:17–21).
මහත් හොරණෑවක් නාද වන්නේය. මැවුම්කරුගේ පොරොන්දුව විශ්වාස කරමින් මැරුණා වූ අය, නැවත ජීවනය ලබන්නෝය. ජීවමාන ඇදහිලිවන්තයන් සමඟ එක්ව, “එකවිටම ඔවුන් ස්වාමීන්වහන්සේ සම්මුඛවන පිණිස වලාකුල්වලින් අහසට ඇදගනු ලබන්නෙමුව.” (1 තෙසලෝනික 4:17). මොනතරම් ප්‍රීතිමත් හමුවීමක්ද!
සියල්ලන්ම අලුත් පොළොවේ ජීවත් වනු දැකීමට දෙවියන්වහන්සේ ආශා කළද, අවසානයේදී දුෂ්ටයන් විනාශ වනු ඇත (2 පේතෘස් 3:9–11). පසුව, දෙවියන්වහන්සේ ලෝකය නැවත නිර්මාණය කර, දූෂ්‍ය කමත්, දුක් විඳීමත්, මරණයත්, තවත් නොමැති අලුත් පොළොවට, අපව පිළිගනු ඇත.
නැවත නිර්මාණය කරන ලෝකය ගැන සිතන්න!
ලී බයිබලය කියවන විට, එහි විස්තර කර ඇති දර්ශන ඔහු සිතින් මවා ගත්තේය. නැවත නැඟිටුවනු ලැබූ තම බිරිඳ සමඟ සිසිල් තණකොළ මත ඇවිදීම, ඔහු සිතින් මවා ගත්තේය. ඔවුන්ගේ දියණියන් තේජාන්විත කොටියෙකු සමඟ සෙල්ලම් කරන විට ඔවුන් ඔයක් අසල විවේකයෙන් සිටිනවා ඔහුට මැවෙන්නට විය.
සතියකට වරක් තම මැවුම්කරුවාණන්ගේ සිංහාසනය වෙත ගමන් කරන මහත් ශුද්ධවන්ත සමුහයන්ට එකතු වන්නාවූ ආකාරය, ඔහුට මැවෙන්නට විය (යෙසායා 66:22–23). ඔවුන් රන් වීදි දිගේ ඇවිදිනු ඇත. ඔවුන්ගේ හදවත් ප්‍රීතියෙන් හා මැවුම්කරු කෙරෙහි ප්‍රේමයෙන් උතුරා යන්නේය. ඔවුන් එක්ව දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී ගයනු ඇත.
කිසිවෙක් වයසට යන්නේ නැත, අසනීප වන්නේද නැත, මිය යන්නෙත් නැත. ඒ වෙනුවට ප්‍රීතිය හා ආදරය සම්පූර්ණ වනු ඇත!
එම සත්‍ය, විශ්වාස කළ නොහැකි තරම් යහපත්?
ක්‍රිස්තියානි ශුද්ධ ලියවිල්ලෙන් තමා කියවන දේට ලී ප්‍රිය කළේය. සමහර විට, එම සත්‍ය, විශ්වාස කළ නොහැකි තරම් යහපත් දෙයක් ලෙස පෙනුන අතර, ඔහුට කළ හැකි වූයේ ස්තුතිපූර්වකව යාච්ඤා කිරීම පමණි. තනිකඩ පියෙකුගේ ජීවිතය පහසු නැත, නමුත් දැන් ඔහුට සමාදානය මෙන්ම, ඉදිරිය පිළිබඳ බලාපොරොත්තුවක් ඇත!
“දුක” සියල්ලන්ටම පොදුයි. නතර වී, ගැටළු ගැන අවධානය යොමු කිරීම පහසුය. නමුත් සුභ ආරංචියක් තිබේ! බයිබලය යනු අපගේ ලෝකයේ මූලාරම්භය පමණක් නොව අවසානයද පැහැදිලි කරන පොතකි. ඔබ සහ මම ජීවත් වීමට යන, ඉතාමත් අලංකාර ස්ථානයක්! ගැන එය පැහැදිලි කරයි. එයට අපගේ සියලු ආදරණීයයන්ට ද ඇතුළත් විය හැකිය!
ඔබගේ ප්‍රතිචාරය කුමක් ද?
දෙවියන්වහන්සේට ඔබ වෙනුවෙන් ඇති අලංකාර අනාගත සැලසුම් සොයා දැනගන්නට ඔබ කැමතිද? උන්වහන්සේ ඔබේ දුක් වේදනා සුව කරන්නේ කෙසේදැයි දැන ගැනීමට ඔබ කැමතිද? මෙසේ යාච්ඤා කරන්න:
මැවුම්කාර දෙවියන්වහන්ස, ඔබවහන්සේ මේ ලෝකය නැවතත් එහි පරිපුර්ණත්වයට පත් කරන බවට විශ්වාස කිරීමට මට අවශ්‍යයි. එම සත්‍ය, විශ්වාස කළ නොහැකි තරම්ම යහපත්! ඔබවහන්සේ සත්‍යතාවය බව පෙන්වා, මා වෙනුවෙන් ඇති සැලසුම් මට පෙන්වවු මැනව. ආමෙන්!
ඔබ වැඩි විස්තර දැන ගැනීමට කැමති නම්, මෙම පත්‍රිකාවේ පිටුපස ලැයිස්තුගත කර ඇති තොරතුරු හරහා අප හා සම්බන්ධ වන්න.
Copyright © 2023 by Sharing Hope Publications. අවසරයකින් තොරව වාණිජ නොවන අරමුණු සඳහා මුද්‍රණය කර බෙදා ගත හැක.ශුද්ධ ලියවිල්ල: සිංහල සංශෝධිත පැරණි අනුවාදය ® වෙතින් උපුටා ගන්නා ලදී. ප්‍රකාශන හිමිකම © 2016. ශ්‍රී ලංකා බයිබල් සමාගම. සියලුම හිමිකම් ඇවිරිණි.
අපගේ පුවත් පත්‍රිකා වසඳහා ලියාපදිංචි වන්න
නව ප්‍රකාශන ලබා ගත හැකි විට මුලින්ම දැන ගන්න!

ඔබේ ප්‍රේක්ෂකාගාරය සොයාගන්න
විශේෂාංග ප්‍රකාශන
© 2023 Sharing Hope Publications